කූඩු වෙන්න සිටි යුවළක් ලොරියට යටවේ


(සුමිත් පොතුපිටිය)

මාළු මිළදී ගනිමින් සිටී තරුණ යුවළක් ලොරි රථයකට යටවී තරුණිය මියගොස් තරුණයා රෝහල් ගතකර ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ කළුතර, වෙන්දේසිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී ඉමාෂා කරුණාතිලක නැමති 23 හැවිරිදි තරුණියක බව සදහන් වේ.

දෙදෙනා ඊයේ (23) රාත්‍රි කළුතර දෙස සිට මතුගම දෙසට යතුරුපැදියෙන් යමින් සිට ගල්අස්හේන හන්දියේ නවතා 

මාළු මිළදී ගනිමින් සිට ඇති අතර , කළුතර දෙස සිට මතුගම දෙසට පැමිණි ලොරි රථයේ ගැටී අනතුර සිදුව ඇත.

බරපතළ තුවාල ලබා සිටී දෙදෙනා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, තරුණිය මියගොස් ඇති බවත් , තරුණයා බරපතළ තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල් ප්‍රකාශකයකු කීය.

තරුණ යුවළ මෑතකදී විවාහවීමට බලාපොරොත්තු සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය කීය.

ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ,කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.