කූට ලේඛන සැකසූ කාන්තාවක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
රාජගිරිය ඔබේසේකරපුර දෙමහල් නිවසක කාලයක සිට පවත්වාගෙන ගිය කූට ලේඛන සකස්කරන ස්ථානයක් වටලා කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
 
එම නිවසේ තිබී ව්‍යාජ ලෙස සකසන ලද රියදුරු බලපත්‍ර, ජාතික හැඳුනුම්පත්, ආදායම් බිල්පත්, වාහන ලියාපදිංචි කිරීමේ සහතික, ඒවා සැකසීමට ගත් ලැමිනේටින් කාඩ් පරිගණයක් ඇතුළු උපකරණ රැසක් පොලිසිය භාරයට ගෙන ඇත.
 
රුපියල් 5,000 සිට ඉහළ මිල ගණන්වලට මෙම ව්‍යාජ ලිපි ලේඛන සකසා ඇතැයි පොලිසිය කියයි.
 
සැකකාරිය 36 හැවිරිදි කාන්තාවකි.
 
අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.