කුරුණෑගල රෝහලත් යටවේ


(ජනුර් කිචිලාන්)

කුරුණෑගල ෂික්ෂණ රෝහල අසල කුණු ඇළ උතුරා යාම හේතුවෙන් රෝහලේ වාට්ටු අටක් ජලයෙන් යටවු බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

අධික වර්ෂාව හේතුවෙන් ඇල උතුරා යාම පැති බැම්ම කැඩී යෑම මෙයට හේතුවක් වී ඇති බව සෞඛ්‍ය සේවකයෝ පවසති.

මේ පිළිබඳව අප කළ විමසුමකදී කුරුණෑගල සීක්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය අධ්‍යක්ෂ මිහිරි ප්‍රියංගනී මහත්මිය කියා සිටියේ වැසි වැඩිවීමත් සමඟ ඇල ප්‍රදේශයෙන් වාට්ටු කීපයක් යට වීමට ඉඩකඩ ඇති බැවින් එයට සූදානම්ව සිටී නිසා රෝගීන් අපහසුතාවයට පත්  නොකර ජලය ගැලීමත් සමග රෝගීන් ඉවත් කිරීමට කටයුතු කර බවයි.

2017.වර්ෂයේදිත් මේ ආකාරයෙන් වාට්ටු යටවූ බව ද අධ්‍යක්ෂවරිය කීවාය