
(අමදෝරු අමරජිව )
ඉඩමකට බලපත්‍රයක් සාදාදීමට අල්ලස් මුදලක් ලබා ගනිද්දී කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කුච්චවේලි ප්‍රදේශයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශයේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකාර ප්‍රාදේශීය සභා සභාපතිවරයා නිලාවේලි පොලිසියට රැගෙන විත් ප්‍රකාශ සටහන් කර ගැනීම අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් නිලධාරීන් කටයුතු කරන අතර අනතුරුව සැකකරු ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ඉලංගෙයි තල්මි අරසු කච්චි යන පක්ෂ දෙක එකමුතුව ප්‍රාදේශීය සභාවේ බලය ලබාගෙන තිබුණි .

