(චාපා මධුභාෂිණී)
ලංකාපුර අබේපුර ගොවීනට බෙදා දුන් කාබනික පොහොර ප්‍රමිතියෙන් තොර බව ගොවීහු පවසති.
ඒම පොහොර සේදීමේදී කිරිමැටි සහ දහයියා අළු මිශ්‍ර බවට හඳුනා ගත් බව ගොවීහු චෝදනා කරති.
මෙම බලප්‍රදේශයේ කුඹුරු අක්කර 600 පමණ වන අතර ඊට පොහෝර කිලෝ 1200ක් අවශ්‍ය වුවත් ප්‍රමාණවත් පොහොර තවමත් නැති බව ද ගොවීහු චෝදනා කරති.
කිරිමැති සහ දහයියා අළු මිශ්‍ර කාබනික පොහොර මිටි 700 මෙම ගබඩාව වෙත ලබා දීමට නිළදාරීන් කටයුතු කර ඇතැයි ගොවීහු චෝදනා කරති.