
(චින්තක ක්‍රිෂාන්ත බාලසුරිය)
අනුරාධපුර ගලෙන්බිඳුණුවැව පඩිකාරමඩුව කුරුණෑගල කොළණිය හුරුළු ප්‍රබෝධය කාන්තා සමිතියට ආධාර පිණිස සංවිධානය කළ සල්පිලකදී කිඹුල් බනිස් ගෙඩියක් රුපියල් 23,200කට අලෙවි විය.
කඹුලකුගේ හැඩයට සකසා තිබූ එම කිඹුල් බනිසය ගමේ තරුණයෝ පිරිසක් මිලදි ගත්හ.
නාට්‍ය සංදර්ශන මාළාව හා සල්පිල් වෙන්දේසියේදී දිග අඩි 2 ක් අගල් 2 ක් දිග පළල අඩියක් සහ උස අගල් 3 ක් ලෙස කිඹුල් එම බනිස් ගෙඩිය නිර්මාණය කර තිබුණි.
කුරුණෑගල කොලණිය විහාරස්ථානයේදී මෙම සල්පිල පැවැත්විණි.


