කිතුල් ගසෙන් වැටී සිදු වූ මාරාන්තික අනතුර


(නිශාන්ත කුමාර)

කිතුල් ගසක මලක් මදිමින් සිටි පුද්ගලයකු ආරක්ෂක බඳ පටිය ගැලවී එම ගස පාමුල තිබූ නංචි ගසක් මතට ඇද වැටී ඇද සිටි කමිසයද සමග නංචි ගසේ අත්තක් පපුව හා අතක් පසාරු කරගෙන යාමෙන් අනතුරට පත්ව  එම අත්ත පිටින්ම බදුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

අඩි 50 ක් පමණ උස කිතුල් ගසේ සිට නංචි ගස මතට ඇද වැටීමෙන් ඔහුගේ පපු ප්‍රදේශය සහ අතකට බරපතල හානි සිදුව ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ පසු වූ එම පුද්ගලයා මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එම අවස්ථාවේම හදිසි ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.

මෙම පුද්ගලයා සිය ගෙවත්තේ තිබූ කිතුල් ගස මැදීම සඳහා ආරක්ෂක බඳ පටි ද පැළඳ ගෙන ගසට ගොඩ වී ඇති අතර හිටිහැටියේම ආරක්ෂක බඳ පටි කඩාගෙන ඔහු ගසින් ඇද වැටී ඇත.

ඇදවැටුණු ස්ථානයේ තිබූ නංචි ගසක අත්තක් ඔහුගේ දකුණු පස පපු ප්‍රදේශයෙන් ඇතුළට කිඳා බැස යළි පිටතට විත් යළිත් වම් අත පසාරු කරගෙන පිටතට විත් ඇත.

කෙසේ වෙතත් ඇනුණු නංචි ගස ප්‍රවේශමෙන් කපා දැමූ ප්‍රදේශවාසීහු එම පුද්ගලයා මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී හදිසි ප්‍රතිකාර ලබා දී ඔහු එම අවස්ථාවේම බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.