කැලණි කළු මල්වතු ජලමට්ටම් පහළ බහී


(සුජිත් හේවාජුලිගේ )

කැලණි ගඟේ ජල මට්ටම පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කැලණි ගං ද්‍රෝණියේ පහත්බිම් ප්‍රදේශවලට බලපා තිබු ගංවතුර තත්ත්වයද පහව යමින් පවතින බව  එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි

ඊට අමතරව කළුගඟ, මල්වතු ඔය ඇතුළු ජලාශවල  ජලමට්ටම්ද  පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීහු පවසති

අද අලුයම 02.00ක වනවිට අඩි 08ක් ලෙස පැවැතුණ කැලණි ගඟේ නාගලගම්වීදිය ජලමාපකයේ ජල මට්ටම අලුයම  03.00 වන විට  එය අඩි 7.90 ක් දක්වා අඩු වී  තිබිණ