කැනඩාවට පනින්න ආ ඉන්දීය තරුණියක ඇතුළු තිදෙනකු පිටුවහල් කරයි


(ටී.කේ.ජී.කපිල )

 ජාත්‍යන්තර පොලිසියේ අස්ථාන ගත වූ ලේඛනයෙහි සදහන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන , ශ්‍රී ලංකාව හරහා කැනඩාවට පළා යාමට තැත් කළ ඉන්දීය ජාතික තරුණියක ඇතුළු තවත් දෙදෙනෙකු , කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන , ආපසු  පිටුවහල් කිරීම පියවර ගෙන තිබේ .

ඇය 24 හැවිරිදි ගුජරාට් ප්‍රාන්තයේ , අහමදාබාද් නුවර පදිංචිකාරිනියකි .

ඉන්පසු ඇය ශ්‍රී ලංකාවට ඇතුළු වීම සදහා වීසා බලපත්‍රය ලබා ගෙන , ඇයගේ ඉන්දීය ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි නිශ්කාශනය සදහා ආගමන කවුළුව වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .එහිදී ඇයගේ ඉන්දීය ජාතික ගමන් බලපත්‍රය , ජාත්‍යන්තර පොලිසියේ අස්ථාන ගත වූ සහ සොරකම් කරන ලද දත්ත ලේඛනයෙහි සදහන්ව ඇති බව අනාවරණය විය .