(මහින්ද නිශ්ශංක)
දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක වුවද කාර්යාල සේවකයන්ගේ පහසුව සඳහා අද (21) පස්වරු 4.00 සිට කොළඹ සිට රඹුක්කන, මහව, මහනුවර, ගාල්ල, මාතර, අනුරාධපුරය, අවිස්සාවේල්ල, හලාවත දක්වා දුම්රිය 10 ක් පමණ ධාවනය කිරිමට සැලසුම් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
අද (21) උදේ වරුවේ ද පිට පළාත්වල සිට කොළඹ දක්වා කාර්යාල දුම්රිය 8 ක් ධාවනය කළ බවද ඒ මහතා කීය.
මෙයට අමතරව අද උදේ කොළඹ සිට කන්කසන්තුරය, පානදුර දක්වා සහ පානදුර සිට වේයන්ගොඩ දක්වා දුම්රිය ධාවනය කළ බවද සාමාන්‍යාධිකාරී ඩිලන්ත මහතා පැවසීය.

