

( නිමල් ජයරත්න)
පොලොන්නරුව ,වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් පිරිසක් ඊයේ (24) රාත්‍රී පලාගොස් ඈති බව වැලිකන්ද පොලිසිය කියයි.
පලාගිය පිරිසෙන් 17 දෙනෙකු අද (25) උදැසන සුංගාවිල පාලම අසලදි අත් අඩංගුවට ගෙන තිබෙන බවද පොලීසිය කියයි.
නවසේනපුර වෘත්තීය පුහුණ මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කණ්ඩකාඩු වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් අතරතුර මෙම පිරිස පලාගොස් ඇති බව පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය කියයි.
පලාගොස් සෝමාවතිය වනෝද්‍යානයේ හා ඒ අවට සැගව සිටින රැදවියන් අත් අඩංගුවට ගැනීම සදහා පොලිසිය ,,යුද හමුදාව එක්ව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ත රත්නායක මහතා කීය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් 408 දෙනෙකු පුනරුත්ථාපනය වෙමින් සිටි අතර ඔවුන්ගෙන් 200 ක ආසන්න රැදවියන් පිරිසක් පලාගොස් තිබෙන බව එම මධ්‍යස්ථානයේ ආරක්ෂක අංශයේ උසස් නිලධාරීයෙකු පැවසීය.


