කළුතර රත් කළ යෞවන සමාජ සම්මේලනය


(සුනිල් එස්.තන්ත්‍රිආරච්චි )

කළුතර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය සහ නිළවරණය කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුනු අතර එහිදී පිරිසක් කළබලකාරී ලෙස හැසිරීම නිසා නොසන්සුන් තාවයක් ඇති විය.

මෙම නිළවරණය අද පෙරවරුවේ  උදේ පැවැත්වුනු අතර සියළුම නිලධාරීන් පාහේ තේරුණේ ඡන්දයෙනි.

සවස් වරුවේ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය පැවැත්වීමට නියමිතව තිබියදී ප්‍රධාන ආරාධිතයාවූ කළුතර වැඩ බලන දිස්ත්‍රික් ලේකම් ශානික ත්‍රිමාන්න මහතා ඇතුළු පිරිස කැඳවාගෙන එමින් සිටියදී ශාලාවෙන් පිටත සිටි පිරිසක් නව නිලධාරීන් තේරූ ආකාරය පිළිබඳව දොස් නගමින් කළහකාරීව හැසිරෙන ලදී.

පසුව පොලිසිය මැදිහත්වී තත්වය පාලනය කරන ලදී.