කළුතර බන්ධනාගාරයට කුඩු පැකට් 68 විසිකරයි


(යොහාන් භාසුර)

කලුතර බන්ධනාගාරයේ 'ඩී'අංශයට විසිකළ පාර්සලයක තිබී හෙරෝයින් පැකටි 68 ක් සහ මත්පෙති 13 ක් ඇතුළු තහනමි ද්‍රව්‍ය තොගයක් බන්ධනාගාර නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පාර්සලය තුළ හෙරෝයින් පැකටි 68 ක්, මත් පෙති 13 ක්, දුමිකොළ 10 ක්, ජංගම දුරකතන 03 ක් සහ ජංගම දුරකතන චාජර් 02 ක් අත්අඩංගුවට ගත් බවත් එම මත්ද්‍රව්‍ය සහ අනෙකුත් තහනමි දුව්‍ය ඉදිරි කටයුතු සදහා කලුතර උතුර පොලිස් ස්ථානය වෙත භාරදිමට කටයුතු කළ බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

එම පාර්ශවය විසිකළ පුද්ගලයා ලුහුබැන්ද ගිය ද අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.