
(සුජිත් හේවාජුලිගේ)
කළු ගඟ අවට පහත් බිම් වලට සැලකිය යුතු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි
මේ අනුවකළුතර, ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, පාලින්දනුවර, මදුරාවල සහ අගලවත්ත කළු ගඟ අවට පහත් බිම්වලට මෙම අවදානම මතුව ඇත.
මේ හේතුවෙන් දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසට ඉල්ලීමක් කෙරේ.

