කසල ලොරියට උණ්ඩ ආ හැටි නගර සේවකයා කියයි


(ජේ.ඒ.එල්.ජයසිංහ)

ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ කසල රැගෙන යාම සඳහා යමින් සිටි කසල ලොරියෙන් හමුවූ උණ්ඩ කොපු දෙවන රෙජිමේන්තු  පරිශ්‍රයේ කසල රැස් කිරීමේදී ලැබුණු ඒවා බවට තහවුරු වී ඇතැයි මහනුවර පොලිසිය කියයි.

මෙම හිස් කොපු විකිණිම සඳහා කසල ලොරියේ ඉහළ කොටසේ තබා තිබූ බව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නගර සභා පවිත්‍රතා සේවකයා කියා ඇත.