කලා භූෂණ සම්මාන උළෙල කල්යයි


(ඩයනා උදයංගනී)
          

නොවැළැක්විය හැකි හේතුවක් නිසා කලා භූෂණ සම්මාන උළෙල කල්දැමීමට සිදුව ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.


මෙම සම්මාන උළෙල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී අනිද්දා (15) පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිතව තිබිණි.


එය මෙවර සංවිධානය කර තිබුණේ 34 වැනි වරටය.