කලවාන සතිපොළ යළි විවෘත කරයි


(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් වසා දමා තිබූ කලවාන සතිපොල අද ( 03) වනදා සිට නැවත ආරම්භ කල බව කලවාන ප්‍රාදේශීය සභාව පැවසීය .

පසුගිය කාලයේදී කලවාන ප්‍රදේශයෙන් කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් විශාල ලෙස වාර්තා වීම හේතුවෙන් කලවාන සතිපොල මාස එක හමාරකට අධික කාලයක් වසා දමා තිබිණි.

සතිපොල වෙළෙදුන්ගේ හා ජනතාවගේ ඉල්ලීම මත සෞඛ්‍ය අංශ වල උපදෙස් මත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ කලවාන සතිපොල නැවත ආරම්භ කල බව කලවාන ප්‍රාදේශීය සභාවේ සභාපති චමින්ද ඉන්ද්‍රප්‍රිය මහතා පැවසීය .

සීමිත වෙළදුන්ගේ සහභාගිත්වයෙන් සතිපොල පැවැත්වෙන බවද සභාපතිවරයා ප්‍රකාශ කලේය.