කලමැටිය ධීවරයෝ විරෝධතාවක


( චන්ද්‍රසේන ගමගේ)

ආණ්ඩුව විසින් ඉහළ දැමූ ඉන්ධන මිල පහත හෙලන ලෙසට බල කරමින් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් අද (03) පෙරවරුවේදී කළමැටිය ධීවර වරාය ඉදිරිපිටදී පැවැත්විණි.

මෙම විරෝධතාවය සදහා ධීවරයින්100 ආසන්න පිරිසක් සහභාගි වී සිටි අතර ඔවුන් පැවසුවේ වැඩි වූ ඉන්ධන මිල ධීවරයාට දරාගත නොහැකි  බවයි.

විරෝධතාවයට එක් වු සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ  මහතා පවසා සිටියේ මහ පොළව මෙන් අට ගුණයක් විශල මහ මුහුදක් රටට අයත්ව තිබුණද රටේ ධීවරයා අන්ත අසරණ වී සිටින බවයි.

රටේ ධීවරයාට එදිනෙදා ආහාර වේල පවා සකස්කර ගන්නට අද ධීවර රැකියවෙන් නොහැකි වි තිබෙනවා. රටේ මාළු සම්පත හීන වී යනවා. ඒ ප්‍රශ්නයට ආණ්ඩුවට උත්තර නෑ යනුවෙන්ද ඔහු පැවසීය.