ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ නේවාසික රෝගීහු, ඔවුන්ගේ භාරකරුවෝ, වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලය අද (14) දහවල් කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගෙන වෙනත් රෝහලකට මාරුකර යැවීමට විරෝධය පළ කිරීමක් වශයෙන් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
කරපිටිය රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් සහ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් වෛද්‍ය පෙරේරා මහතා මෙම රෝහලින් මාරු කර යවන්නැයි වෛද්‍ය සංගමය කළ ඉල්ලීමටද විරෝධතාකරුවෝ සිය අප්‍රසාදය පළ කළහ.