( හඟුරන්කෙත ඒ.ජේ.කරඳගොල්ල.)
මතුරට පොලිස් වසමෙි පදියපැලැල්ලේ ,ඉඩමිපිටිය වඩුවාවල නැමති දිය වළේ දිය නෑමට ගිය එකම පවුලේ ඥාති සහෝදරයකු සහ සහෝදරියක් පෙරේදා ( 06.) පස්වරුවේදී දියේ ගිළී මියගොස් ඇති බව මතුරට පොලීසිය පැවසිය .
මෙසේ මියගොස් ඇත්තේ මතුරට පොලිස් වසමෙි කැටයාපතන ගමෙහි පදිංචිව සිටි වීරසිංහ මුදියාන්සේලාගේ අයේෂ් ඉඳුවර බැමිණිමුල්ල ( අවු.12) සහ වීරසිංහ මුදියාන්සේලාගේ දසුනි ප්‍රියංගිකා තත්සරණී ( අවු.13 ) නැමති ඥාති සහෝදරයකු සහ සහෝදරියක් බව පොලීසිය පවසයි .
මිය ගිය දෙදෙනා සහ තවත් ඥාති සහෝදරියක සමඟ පදියපැලැල්ල මාළිගාතැන්න විහාරස්ථානයේ පැවති සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශණය නරඹා දිය නෑම සඳහා වඩුවාවලට ගොස් ඇත. මෙි දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් වඩුවාවළෙහි සැඩ ජල පහරක් තිබී ඇත. මියගිය දෙදෙනා දිය නාමින් සිටියදී ඥාති සහෝදරිය දියේ ගිළී ඇති අතර ඇය බෙිරාගැනීමට සහොදරයා උත්සහ දැරීමෙිදී එම අයද දියේ ගිළී තිබෙි. ඉන් පසුව සෙසු පිරිස කෑගසමින් අසල්වාසින්ගේ සහය ඉල්ලා ඇත. ඒ අනුව එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසින් දියේ ගිළී ඇති අය සොයා තිබෙි . එහිදී පාසල් සිසුවියගේ සිරුර හමුවී ඇති අතර ප්‍රදේශවාසීන් ඇය රිකිල්ලගස්කඩ මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒවනවිටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය . මියගිය අනෙක් අයගේ සිරුර ඊයේ (07.) දහවල් වන විටත් සොයාගෙන නොතිබුණි. එම අයගේ සිරුර සෙවීම සඳහා නාවික හමුදා කිමිදුම්කරුවන් යෙදවීමට පොලිසිය පියවර ගෙන තිබුණි .
මෙම ස්ථානයේ මීට පෙර අවස්ථා කීපයකදීම දියේ ගි.ළී පුද්ගලයින් කිහිප දෙනෙකු මියගොස් තිබුණි . මියගිය අය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය රිකිල්ලගස්කඩ මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි .

