(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පසුගිය 21 වනදා පාර්ලිමේන්තුවේ සම්මත වූ කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන), අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත් සදහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය ඊයේ (23) සටහන් කළේය.
කම්කරු ආරවුල් විසදීමේදී මහේස්ත්‍රාත් අධිකරණවල පවතින තදබදය අවම කිරීම සදහා කම්කරු විනිශචය අධිකාරිවල සභාපතිවරයන් අතිරේක මහේස්ත්‍රාත්වරයන් ලෙස සැලකීම හා ඒ හා සබැදි කරුණු සදහා විධිවිධාන සැලසීම කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන)පනත් කෙටුම්පත මගින් අපේක්ෂා කෙරේ.