කන්දකාඩු කඳවුරත් යටවේ


(නිමල් ජයරත්න)

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියන් 359 දෙනකුගේ ජීවිත, ගංවතුරෙන් ආරක්ෂා කරගැනීම ඊයේ (29) සේනපුර තෘතීයක පුහුණු මධ්‍යස්ථානය වෙත නිරුපද්‍රිතව, ලොරි රථ සහ යුද ටැංකි කිහිපයකින් රැගෙන ආ බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

පොළොන්නරුව මහවැලි ගඟ සෝමවතිය ප්‍රදේශයෙන් පිටාර ගැනීමත් සමග එම කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ගංවතුරෙන් යට වීමේ අවධානමක් පැවැති අතර, ඒ අනුව ඔවුන්ගේ ජීවිත සුරක්ෂිතව සේනපුර මධ්‍යස්ථානය වෙත නාවික හමුදාව, යුද හමුදාව, පොලිසිය, ක්‍රියාත්මක කරන ලද විශේෂ මෙහෙයුමකින් රැගෙන ඒමට හැකි වූ බවද පොලිසිය පවසයි.

මීට අමතරව එම කඳවුරේ හමුදා නිලධාරින්, මෙන්ම සේවකයින් 150 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙන ආ බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.පී.ජේ.කුමාරසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.