තරිඳු ජයවර්ධන
කතානායකවරයා අගවිනිසුරුවරයාට ලිපියක් යවන ලදැයි කියමින් කතානායකවරයාගේ අත්සන ව්‍යාජව යොදා ලිපියක් සකස් කිරීම සම්බන්ධයෙන් කළ පරීක්ෂණ පැවැත්වීමට පොලිස්පතිවරයා රහස් පොලිසියට අවසර ලබා දී තිබේ.
කතානායකවරයාගේ නියෝගයෙන් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් රහස් පොලිසියට ලිපියක් මගින් මෙම පැමිණිල්ල කරනු ලැබ තිබිණි.
ඒ අනුව එම පැමිණිල්ල පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති අතර පොලිස්පතිවරයා එය විමර්ශනය කිරීමට අවසර දුන් බව රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.
එම පැමිණිල්ලට අදාළව මේ වන විට ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන ඇති අතර ව්‍යාජ ලිපිය සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු ඔස්සේ විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි.