කතකට පිහි පහරදුන් දෙකක් මාට්ටු


(ඉන්දිකා රාමනායක)

මත්ද්‍රව්‍ය ආරවුලක් මුල්කරගෙන මාලිගාවත්ත "ලක්හිරු සෙවන" මහල් නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි කාන්තාවකට තියුණු ආයුදවලින් පහරදුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලීසිය පවසයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ 38 හැවිරිදි කාන්තාවක් බවත් ඇය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටීන බව පොලිසිය පවසයි.

දෑත්වලට සහ හිසට ප්‍රහාර එල්ල වී ඇති බවද පොලිසිය පවසයි.

මෙම කාන්තාව මහල් නිවාසයේ 8 වන මහලේ පදිංචිව සිටින බවත් ඇය බිම් මහලේ නිවසක පැවති පිංකමකට පැමිණ සිටියදී සැකකරුවන්  පැමිණ ඇයගේ කොණ්ඩෙන් අල්ලා ගෙන අසල වෙනත් නිවසක් වෙත ඇදගෙන ගොස් එහි දි කඩුවලින් කපා ඇති බව පොලිසිය කියයි.

කඩු ප්‍රහාරය එල්ල කළ සැකකරුවන්ට එම ස්ථානයේ සිටි පිරිසක් පහරදීමට සූදානම් වෙද්දී ඔවුන් දෙදෙනා දිව ගොස් ඇති අතර  එම නිවාස සංකීර්ණය අසල මාර්ගයේ රථ වාහන මෙහෙයුමක නිරතව සිටි පොලිස් කණ්ඩායමක්  අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.