කටකතාවක් සෞඛ්‍ය නිලධාරීන්ට පීඩා කරයි


(නිමල කොඩිතුවක්කු)

නව සෞඛ්‍ය අමාත්‍යවරයකු පත්වන බවට විටින් විට පැතිර යන ආරංචි හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතුවලට බාධා එල්ල වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් බොහෝ පීඩාවට පත්ව ඇතැයි ද බෙල්ලන මහතා සඳහන් කළේය.

නව සෞඛ්‍ය අමාත්‍යවරයකු පත් වෙන බවට සංවිධානාත්මක ආකාරයෙන් විටින් විට මාධ්‍ය මඟින් ප්‍රචාරණය වන බවත් මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇතැයි ද ඔහු පැවසීය.

පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් තම සංසදය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත පැමිණිලි කර ඇති බවත් ඔහු තවදුරටත් කීවේය.