කජු


( එස් හේරත් )

මාදම්පේ සුදුවැල්ල ප්‍රදේශයේ  සිය ගෙවත්තේ  අනවසරයෙන් කජු කැඩූ තරුණයකු සමඟ  ඇති වු බහින් බස් වීමකින් පසු එම තරුණයාගේ පොලු පහරකින් ඉඩම්හිමි කාන්තාව මියගොස් ඇතැයි පොලීසිය කියයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ගල්මුරුව හෙලේනා  වත්තතේ   පදිංචිව සිටි හෙට්ටි ආරච්චිගේ  දයානි ස්වර්ණ මාලා  නමැති (52) තිදරු මවකි. 

මාදම්පේ සුදුවැල්ලලේ පිහිටි මියගිය කාන්තාවට අයත්  ඉඩමකට එම කාන්තාව යන අවස්ථාවේ අදාළ සැකකරු එහි කජු ගසක  කජු කඩමින් සිට ඇත. 

එවිට කජු  නොකඩන  ලෙස  කාන්තාව  පැවසීමත් සමග දෙදෙනා අතර බහින් බස් වීමක් සිදු වී ඇති අතර එහිදී සැකකරු විසින් අසල තිබූ පොල්ලකින් කාන්තාවගේ හිසට පහර දී තිබේ.

එම පහර කෑමෙන් තුවාල ලැබූ කාන්තාව එතැනම මියගොස් ඇති අතර අවුරුදු 30ක තරම් වයසේ පසුවන සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස්  සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.