ඖෂධවේදීහු වැඩවර්ජනයක් අරඹති


(යොහාන් භාසුර)

ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනියුක්තව සේවය කරමින් සිටි ඖෂධවේදීන් 18 ක් හිටි හැටියේ සෞඛ්‍ය අමාත්‍යංශයට මුදාහැරීමට විරෝධය දක්වමින් රට පුරා රජයේ රෝහල්වල ඖෂධවේදීහූ අද (16) පෙරවරුවේ සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළහ.

එම වැඩවර්ජනය හේතුවෙන් රජයේ රෝහල් රැසක ඖෂධ නිකුත් කිරීමේ කවුළු වසා දමා ඇති බවත් එසේ වුවද හදිසි ප්‍රතිකාර ක්‍රියාත්මක කරන රජයේ රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවත් ඖෂධවේදීන් සංගමයේ නිලධාරියෙක් පැවසීය. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)