ඕස්ට්‍රේලියා - පාකිස්තන ක්‍රිකට් කණ්ඩායම් දිවයිනට


(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසළාන 20 විස්ස ක්‍රිකට් තරගාවලියේ මෙරට පැවැත්වෙන තරග සදහා සහභාගී වීම සදහා ඕස්ට්‍රේලියානු සහ පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් දෙක අද රාත්‍රී දිවයිනට පැමිණියහ. 

පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට නිලධාරීවරුන් සහ ක්‍රීඩකයෝ 32 දෙනෙක් සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රීඩකයෝ සහ නිලධාරීහු 27 දෙනෙක් පැමිණ සිටියහ.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිලධාරීහු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.