(සිතුම් චතුරංග)
යාපනය,නුවර ඒ නවය මාර්ගයේ මැදවච්චිය, ගල්කන්දේගම විද්‍යාලය ඉදිරිපිට දී අද (21) අලුයම ලොරි රථයක් තවත් ලොරි රථ තුනක ගැටී සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පූනෑව පොලිසිය පවසයි.
කොළඹ සිට වවුනියාව දෙසට ගමන් ගත් ලොරි රථ තුනක් මාර්ගයේ අසල නවතා තිබු අවස්ථාවක පසුපසින් පැමිණි තවත් ලොරි රථයක් අදාළ ලොරි රථවල ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පූනෑව පොලිසිය පවසයි.
අනතුරින් ලොරි රථ හතරටම හානි සිදුව ඇති අතර, ලොරි රථවල ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවද පොලිසිය කියයි.
තුවාලකරුවන් වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් පොලිසිය පැවසීය.
අනතුර සම්බන්ධයෙන් පූනෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.