එජාපයේ පළාත් පාලන නියෝජිතයන් 7 වැනිදා කොළඹට


(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ සියලුම පළාත් පාලන නියෝජිතයන් ලබන සෙනසුරාදා (07) කොළඹට කැඳවා ඇතැයි අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන්ගේ සමුළුවක් සඳහා මෙම කැඳවීම සිදු කර ඇති අතර මෙම සමුළුව ලබන 7 වැනිදා පස්වරු 2.00 සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණ  ව්‍යාපාරය මෙහෙයවන ආකාරය ඇතුළු කරුණු සම්බන්ධයෙන් පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීමේ අරමුණින් මෙම කැඳවීම සිදු කර ඇත.