(නාලක සංජීව දහනායක)
රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැතිධූරය ලබාගැනීමට සහය පළකිරීමත් සමඟම ද්‍රවිඩ ජාතික සංවිධානයට විපක්‍ෂනායක ධූරය අහිමිවන බව මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (12) පැවැසීය.
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවැසීය.
‘‘රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවකගේ සහය ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය පසුගිය සතිය පුරාම ද්‍රවිඩ ජාතික සංධානය සමඟ සාකච්ඡා කළා. ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ මහතාට කොන්දේසි සහිතව තමන් සහය පළකිරීමට එකඟවූ බව ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසුවා. එක්සත් ජාතික පක්‍ෂයට ද්‍රවිඩ ජාතික සංධානය සමඟ ආණ්ඩු හැදීම පිළිබඳව අපි ප‍්‍රශ්න කරන්නේ නැහැ.
එහෙත් අගමැතිධූරය සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පළකිරීමත් සමඟම ද්‍රවිඩ ජාතික සංධානයට හිමිව තිබෙන විපක්‍ෂනායක ධූරය ඔවුන්ට අහිමිවෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කළ අපි මන්ත‍්‍රීවරුන් 54 දෙනෙක් එදා විපක්‍ෂයේ අයිතිය ඉල්ලා සිටි විටදී කතානායකවරයා අපිට ඒ අයිතිය දුන්නේ නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් එකවිටම ආණ්ඩුව හා විපක්‍ෂය නියෝජනය කිරීම පිළිගත නොහැකි බව ඔහු එදා අපිට පැවැසුවා. ඒ තියරියම භාවිතා කළහොත් රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පළකරමින් ඡන්දය භාවිතා කළ මොහොතේ සිටම ද්‍රවිඩ ජාතික සංධානයට විපක්‍ෂනායක ධූරය අහිමිවිය යුතුයි.‘‘
බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී අද (12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි