එජාපයට කෙනෙහිලිකම් සිදු වූයේ ජනාධිපතිවරයා නිසයි


(මනෝජ් හර්ෂික)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂක ලෙස යළිත් වරක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වුවහොත් සිරිසේන මහතා පරාජය කිරීම සඳහා කටයුතු කරන බව පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද (13) පැවැසීය.

පසුගිය සමයේ එක්සත් ජාතික පක්ෂයට සිදු වූ සියලූ කෙනෙහිලිකම් සිදු වුයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නිසා යැයි ද මන්ත්‍රීවරයා එහිදී කීය.

ගල්ගමුව අන්දරවැව ධීවර සමිති ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක් වෙමින්  මන්ත්‍රීවරයා මේ පිළිබඳව සඳහන් කළේය.