එජාප මැයි සැමරුම සිරිකොතේදී


(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුම පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මැයි 1 වැනිදා පෙරවරුවේ පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෘත්තිය සමිතිවල මූලික සහභාගිත්වයෙන් මැයි දින සැමරුම පැවැත්වීමට නියමිතව ඇත්තේ සියලු සෞඛ්‍ය නීතිරීති වලට යටත්වයි.

එක්සත් ජාතික පක්ෂ වෘත්තිය සමිති සමිතිවලට අමතරව එජාප තරුණ බලවේගයට ද මෙවර මැයි දිනයේ දී මුල් තැන දෙන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ,සභාපති වජිර අබෙිවර්ධන මහත්වරුන් ඇතුළු එජාප නායකයන් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.