එක්සත් අරාබි එමිර් රාජ්‍යයට 356ක ඉලක්කයක්


(යොහාන් භාසුර)

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර බුලවායෝහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 6 ක් දැවී ලකුණු 355 ක් රැස්කිරීමට සමත් විය.

එක්සත් අරාබි එමිර් රාජ්‍ය පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 7.12 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 356 ක් රැස්කළ යුතුය. එමිර් රාජ්‍ය පිලේ නායක මොහොමඩ් වසීම් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.

ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 6 ට 355 (පැතුම් නිස්සංක 57, දිමුත් කරුණාරත්න 52, කුසල් මෙන්ඩිස් 78, සදීර සමරවික්‍රම 73, චරිත් අසලංක නොදැවී 48, වනිඳු හසරංග නොදැවී 23, අලී නසීර් 44/2)