
(ඩයනා උදයංගනී)
කොරෝනා එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දින පුද්ලයන් 80,277ක් පමණ එන්නත් ලබාදී ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එනනත සහ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මෙසේ ලබා දී ඇත.
රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ගම්පහ, කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල දී මෙම එන්නත් කරණය සිදු කළ අතර එන්නත් ලබාගැනීමට විශාල පිරිසක් පැමිණ සිටීම හේතුවෙන් දිගු පොලිම් ද දක්නට ලැබුණු අතර තිබූ එන්නත් සියලු දෙනාට ප්‍රමාණවත් නොවීම හේතුවෙන් කඩුවෙල, ගම්පහ, කඳාන ආදී ප්‍රදේශයන්හි එන්නත් ලබාදුන් ස්ථානවල ගැටුම්කාරී තත්වයන් ද ඇතිවිය.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)


පිළියන්දල ප්‍රදේශය වැසියන්ට එන්නත් ලබා දෙන අයුරු (ඡායාරූප ගයාන් අමරසේකර)





