එක විෂයක් ගැන නොබලා සමස්ත වෙනස ගැන බලන්න


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

එක විෂයක් ගැන පමණක් නොබලා අධ්‍යාපනයේ සමස්ත වෙනස් කිරීම ගැන බලන ලෙස ඉල්ලා සිටින බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීනී ආචාර්ය කෞශල්‍යා  ආරියරත්න  මෙනවිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී කීවාය.

අපට තිබෙන්නේ යටත් විජිතවාදී අධ්‍යාපනයක්.නිදහස් අධ්‍යාපනය ගෙනෙන විට ජාතික අධ්‍යාපන සංකල්පය ගෙනාවා. අපේ දැනුම චින්තනය වෙනස් විය යුතුයි. වටිනාකම් වෙනස් විය යුතුය යන අදහසේ අප ඉන්නවා. මේ ප්‍රතිසංස්කරණ  අගමැතිනියගේ වෙනස්කම් කියා ගොඩක් අය කියනවා. මේවා අනුරගේ හෝ හරිනිගෙ වෙනස්කම් නොවේ.මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියට සහභාගී වූ විශාල පිරිසක් සිටියා.2019 සිට අප මේ කාර්යය අරඹා තිබුණා. එක විෂයක් ගැන පමණක් නොබලා සමස්ත වෙනස් කිරීම ගැන බලන ලෙස අප ඉල්ලා සිටිනවා.මෙය විෂය මාලා ප්‍රතිසංස්කරණයකට ලඝු කරන්න එපා.

ඒ වගේම අප මේ කරන්නේ ජන වරමේ පොරොන්දුවක්.ළමා කාලය අහිමි කරන අධ්‍යාපනයක් අපට අවශ්‍ය නැහැ. 

කන්නංගර එදා පටන් ගත්ත වැඩේ අවසන් නැති බව අපේ හැඟීමයි යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.