ප්‍රසන්න පත්මසිරි සහ පාලිත ආරියවංශ
තමන්ගේ හිඟ අතිකාල දීමනා වහා ලබාදෙන දෙසට බලකරමින් ඌව පළාත් සභාව තුළට කඩාවැදී පැය 3 ක් පමණ කාලයක් විරෝධය පළ කළ ඌව පළාතේ සෞඛ්‍ය සේවකයෝ ප.ව. 2.30 විරෝධතාව නවතා පළාත් සභා පරිශ්‍රයෙන් ඉවත්වූහ.
ඌව පළාත් සභා රෝහල්වල සේවයේ නියුතු වෛද්‍යවරුන් හැර අනෙකුත් සියලුම කාර්ය මණ්ඩලවලට මාස තුනක කාලයක් අතිකාල නොලැබීම මෙම විරෝධතාවට හේතු වී ඇත.
අද(12) දිනය පුරා එම සේවකයින් පළාත් සභාවේ නිලධාරීට හා සේවා ලබා ගැනීමට පැමිණි
මහජනතාවට බාධා වන අයුරින් පැයකට අධික කාලයක් උද්ඝෝෂණයක නිරතව සිටියහ.
මෙහි හෙද හෙදියන්,කනිෂ්ඨ කාර්ය්‍ය මණ්ඩලය,රියදුරන්, ඖෂධවේදීන්,විකිරණ ශීල්පීන් ඇතුලු රෝහල් සේවකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා සහ සෞඛ්‍ය ලේකම් අනිල් විජේසිරි මහතා පළාත් සභාවේදී හමුවී සාකච්ජාවක නිරත විය.
එහිදී වෘත්තීය සමිති 15ක නියෝජිතයින් ප්‍රධාන අමාත්‍යවරයාට කියා සිටියේ මාස තුනක අතිකාල නොලැබීම නිසා වැඩ වර්ජනයේ හා උද්ඝෝෂණයේ නිරත වන බවයි.
එහිදී චාමර සම්පත් දසනායක මහතා මෙසේ කියා සිටියාය.
“මට මේ ප්‍රශ්නය අද වෙනකම් කවුරුත් කිව්වේ නෑ. මම මිලියන 940ක් භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබෙනවා. එයින් 350ක් ලැබුනා. ඉතිරි මුදල ලැබුනාම මේ ප්‍රශ්නය විසඳන්නම්. ජනවාරි 15ට කලින් ප්‍රශ්නය විසඳනවා. 2019 දී මෙවැනි මුදල් හිඟයක් ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ”
මෙහිදී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් ලේකම් අනුරුද්ධ ඉන්දික මහතා කියා සිටියේඅතිකාල දීමනා ලැබෙනතෙක් අඛණ්ඩව උද්ඝෝෂණවල නිරත වන බවයි.
(ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි)