උසස් පෙළ ප්‍රායෝගික පරීක්‍ෂණ 27 අරඹයි


(යොහාන් භාසුර)

අපොස උසස් පෙළ විභාගයේ (2023) ලිඛිත පරීක්‍ෂණයට පෙනී සිටි අයදුම්කරුවන්ට සෞන්දර්ය සහ තාක්‍ෂණවේදය විෂයන්වලට අදාල ප්‍රායෝගික පරීක්‍ෂණ මේ මස 27 වැනිදා සිට ජූලි මස 31 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දේශීය නැටුම්, භරත නැටුම් සහ පෙරදිග සංගීතය ප්‍රායෝගික පරීක්‍ෂණ මේ මස 27 වැනිදා සිට ජූලි මස 6 වැනිදා දක්වා ද, ඉංජිනේරු තාක්‍ෂණවේදය ප්‍රායෝගික පරීක්‍ෂණ ජූලි මස 12 වැනිදා සිට ජූලි මස 21 වැනිදා දක්වා ද, ජෛව පද්ධති තාක්‍ෂණවේදය ප්‍රායෝගික පරීක්‍ෂණ ජූලි මස 29 වැනිදා සිට ජූලි මස 31 වැනිදා දක්වා ද, පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.