උසස් පෙළ දරුවන් අමාරුවේ දාන්න එපා


(ඉන්දිකා  රාමනායක)

2022 අපොස උසස් පෙළ විභාගයේ   පිළිතුරු පත්‍ර  ඇගයීමේ කටයුතු වලින්  ඉවත් නොවී  උත්තරපත්‍ර ඇගයීමේ කටයුතු නිමා වන තෙක්    සිය ඉල්ලීම් දිනා ගැනීමේ ක්‍රියා මාර්ග කල් දමන ලෙසට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ සභාපතිනි විණිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය  අද (25) විශ්ව විද්‍යාල ආචාරවරුන්ගේ සමිති සම්මේලනයෙන් ඉල්ලීමක් කළ බව   එම කොමිසම කියයි.

මෙම සිද්ධිය  සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මාවන හිමිකම් කොමිසම් සභාව මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, එම  විමර්ශනය අදාලව  ඊයේ  විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර, විශ්ව විද්‍යාල ආචාරවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ඩී එම් එච් එස් කේ   බන්නැහැක යන මහත්වරුන්  සමග පැවති සාකචඡාවකින් අනතුරුව සභාපතිනිය මෙම ඉල්ලීම කළ බවද එම කොමිසම පවසයි.

විශ්ව විද්‍යාල ආචාරවරුන්ගේ මෙම  ඉල්ලීම්   සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ කමිටවුක් පත්කර සාකච්ඡා කළ යුතු බවට ත්, විශ්ව විද්‍යාල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර පිළිගැනීම ට හානියක් නොවන අයුරින්  විශ්ව විද්‍යාල ආචාරවරුන් ගේ සේවය  මෙම විභාග කටයුතු වලට ලබා දීම ට අදාල පාර්ශවයන් කටයුතු කළ යුතු බවට ද සභාපතිනිය දැනුම් දී ඇත.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ද ඉලක්ක වී  අධික බදු පිළිබඳ ගැට`ථට විසදුමක් නොලැබීම මත මෙලෙස විභාග ඇගයීමේ කටයුතු වලින් ඉවත් වීමට තීරණය කළ බවත්, මෙය  ශ්‍රි ලංකික දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ  අවකාශක මත ගත් තීරණයක් මිස ආචාරවරුන්ගේ අද  දවසේ   පෞද්ගලික  උවමනාවන්  මත  ගත් තීරණයක් නොවන බවට ද මෙම සාකච්ඡාවේ දී විශ්ව විද්‍යාල ආචාරවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ඩී එම් එච් එස් කේ   බන්නැහැක මහතා ප්‍රකාශ කර ඇති බවද කොමිස දන්වා සිටියි.