(ස්ටැනිස්ලස් පයස්)
ස්වයංක්‍රීය ගිනි අවි සඳහා භාවිතා කරන උණ්ඩ 13ක්, ටී 56 වර්ගයේ ගිනි අවිවලට භාවිතා කළ කොපු 2232 සහ හෙරොයින් මිලිග්‍රෑම් 6300 තමා සන්තකේ තබා සිටි සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මහබාගේ පොලිසිය කියයි.
බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන් ගෙන් ලද තොරතුරකට අනුව රාගම ,වැලිසර පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ගෑස් සිලින්ඩර හයක් සහ තවත් භාණ්ඩ සොරකම් කීපයක් සිදුකළ පොලිසියට අවශ්‍යව සිටි අයකු බව පොලිසිය කියයි.
මහබාගේ පොලිස් ස්ථානාධිපති පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් ප්‍රියදර්ශන මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චානක , පොලිස් සැරයන්වරුන් වන මංගල ( 43954 ), අත්තනායක (38576 ), ලියනගේ (67632 ), ඉන්දික ( 74904 ) සහ පොලිස් කොස්තාපල්වරුන් වන මධුශංක (78183 ), අමිල (96812 ), ප්‍රමෝද ( ආධුනික - 15167 ) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවනු ලබති.

