
(සුජිත් හේවාජුලිගේ)
ඉන්ධන ආනයනය සදහා ප්‍රමාණවත් විදේශ විනිමය නොමැති වුවහොත් ජනවාරි මැද වනවිට ඉන්ධන හිඟයක අවදානමක් මතුවිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
පවතින ගැටළුව පිළිබද අමාත්‍ය මණ්ඩලය අවස්ථා අටකදී දැනුවත් කළද මෙතෙක් නිසි ක්‍රමවේදයක් සකස්වී නොමැති බවද හෙතෙම සඳහන් කළේය.
බැංකුවලට එන විදේශ විනිමයෙන් නිශ්චිත ප්‍රමාණයක් මහ බැංකුවේ රඳවාගෙන ඉන්ධන, ඖෂධ ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් ණයවර ලිපි නිකුත් කිරීම සඳහා යෙදවිය යුතු බව පැවසූ ගම්මන්පිල මහතා ඉන්ධන මිල ඉහළ දමා ඉන්ධන පාවිච්චි අඩු කළ නොහැකි බව ඔප්පු වී ඇතැයිද සඳහන් කළේය.
පරිප්පු වෙනුවට මුං ඇටද අර්තපල් වෙනුවට මඤ්ඤොක්කාද පාවිච්චි කළ හැකි වුවත් ඉන්ධන වෙනුවට එවැනි ආදේශකයක් නොමැති බවද ඔහු පැවසුවේය.
ඉන්ධන ආනයනයට ණයවර ලිපි විවෘත කර ගැනීමේදී පවා ගැටලු මතුවී ඇති බව ඔහු සඳහන් කළේය.
ඉන්ධන ආනයනය සඳහා මසකට වැයවන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 350 කි.

