ඉන්ධන සහනය බස් හිමියාට පමණයි: මගියාට නෑ


(යොහාන් භාසුර)

ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් අඩු වුවද පොදු ප්‍රවාහන බස් ගාස්තු අඩු නොවන බවත් බස් ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් මිල සියයට 4 කට වඩා වැඩි ප්‍රතිශතයකින් අඩුවිය යුතු බවත් ජාතික ගමනා ගමන කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.

රුපියල් 325 ක්ව පැවැති ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් අඩු කිරීම සියයට 4.62 ක මිල අඩු වීමේ ප්‍රතිශතයකි.