ඉන්ධන විරෝධයක් කැස්බෑවත් වහයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත කුලරත්න)

ඉන්ධන ලබා දෙන බවට පොරොන්දු වූ කැස්බෑව ඉන්ධන හලකින් පෙට්රල් ඉන්ධන නොදීම සම්බන්ධයෙන් උරණ වූ පාරිභෝගිකයෝ කැස්බෑව නගරය හරස් කර සිය විරෝධය දැක්වූහ

තමන් දින ගණනාවක සිට පැට්‍රල් ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ රැඳී සිටියදී අද ඉන්ධන ලබා දෙන බවට ඉන්ධන හලේ කළමනාකරු පොරොන්දු වූ බව විරෝධතා කරුවෝ පවසති

ඇප් එකේ ද එම ඉන්ධනහලට පෙට්‍රල් ඉන්ධන බවුසරයක් නිකුත් කළ බවට සටහන් වුවද එම ඉන්ධන තොගය හෝ බවුසරය ඉන්ධනහලට පැමිණියේ නැති බවත් පවසමින් ඔවුහු විරෝධය දක්වති

කැස්බෑව ඉන්ධනහලට ලැබිය යුතු ඉන්ධන බවුසරය වෙනත් ස්ථානයකට රැගෙන ගියාද? එසේ නොමැති නම් මිල ඉහළ යන තෙක් සඟවා තබන්නට ඇතැයි විරෝධතා කරුවෝ පවසති