
මාසික මිල සූත්‍රයට අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට කටයුතු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02කින් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 02කින් අඩුකර ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 292කි. ලංකා සුදු ඩීසල් ලීටරයක නව රුපියල් 277කි.
සෙසු ඉන්ධන වර්ගවල මිල සංශෝධනය කර නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

