ඉන්දීය සාගර සමුළුවට හිටපු අගමැතිට ආරාධනාවක්


(අංජුල මහික වීරරත්න)

අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත පස් වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී  වන ලෙස  හිටපු අග්‍රාමාත්‍ය  සහ එක්සත් ජාතික පක්ෂ නායක  රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබ තිබෙි.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයා  දෙසැම්බර් 05 වැනිදා සමුළුව ඇමතීමට නියමිතය.

''පරිසරය,ආර්ථිකය,වසංගතය ''යන තේමාවෙන් පැවැත්වෙන මෙවර සමුළුව දෙසැම්බර් 3 වැනිදා සිට 5 වැනිදා දක්වා අබුඩාබි නුවරදී පැවැත්වෙයි.

ඉන්දියන් සාගර කලාපයේ  දේශගුණික විපර්යාස වල වර්ධනය සමඟ මතුවන තර්ජනයන්ට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම සමුළුවේ දී සාකච්ජා කෙරේ .

රනිල් වික්‍රමසිංහ මහතා  ඉන්දියන් සාගර සමුළුවේ හිටපු සභාපතිවරයා වන අතර 2016 සිට 2019 දක්වා ඔහු එම ධුරය හෙබවීය.