(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අතර හමුවක් බත්තරමුල්ල, මඟනැගුම පරිශ්‍රයේ පිහිටි අමාත්‍ය කාර්යාලයේදී සිදු විය.
එහිදී ඉන්දීය මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයකින් අදහස් පළ කළේය.
ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත්, දිගුකාලීන සම්බන්ධතාවයක් රැකගැනීම සඳහා අවශ්‍ය වන ඉන්දීය රජයයේ නොඅඩු සහයෝගය ලබාදෙන බවද ඉන්දීය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.