ඉන්දියාවේ දෙවැනි ආධාර තොගය බාරදෙයි


(විමුක්ති එස් රුද්‍රිගු)

තමිල්නාඩු ප්‍රාන්ත රජයේ අනුග්‍රහය ඇතිව ඉන්දියාවේ සිට පැමිණි දෙවැනි ආධාර තොගය අද (24) ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා  විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට නිල වශයෙන් භාර දෙනු ලැබිණ.

මෙම ආධාර තොගයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් බිලියන 3කට අධික බව පැවැසෙයි.

මෙම මෙට්‍රික් ටොන් 1500 ක මෙම ආධාර තොගයට සහල් මෙට්‍රික් ටොන් 14,712 ක් කිරිපිටි මෙට්‍රික් ටොන් 250 ක් සහ අත්‍යවශ්‍ය ඖෂධ ටොන් 38 ක් ඇතුලත් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.