ඉන්දියාවේ කොරෝනා ආසාදිත තෙවැන්නාත් මිය යයි


කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ තවත් පුද්ගලයකු මිය ගොස් ඇති අතර, ඒ අනුව මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් ඇත. 

මිය ගොස් ඇත්තේ, මහාරාෂ්ට ප්‍රාන්තයේ පදිංචිව සිටි 64 හැවිරිදි පුද්ගලයෙකි.

ඉන්දියාවේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, මහාරාෂ්ට ප්‍රාන්තයෙන් වන අතර, එම අගය 39කි.

මේ වනවිට ඉන්දියාවේ 125දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු කරගත් බව ඉන්දීය රජය අනාවරණය කරයි.

නමුත් මහජන සෞඛ්‍ය පර්යේෂකයන් පැවසුවේ, වයිරසය මැඩපැවැත්වීමට තරම් ප්‍රමාණවත් ආකාරයට වෛද්‍ය පරීක්ෂණ පුළුල් ආකාරයට සිදුනොකෙරෙන බවයි.