ඉන්දියා - පාකිස්තානය තරගය හෙට නැවතත්


(යොහාන් භාසුර)

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (10) පැවැති තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා රාත්‍රී 8.30 ට තරගය අත්හිටුවීය.

තරගය නැවත හෙට (11) පස්වරු 3.00 ට නැවත ආරම්භ වීමට නියමිතය.

වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය පිල ඕවර 24.1 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 147 ක් රැස්කර සිටියේය.

ඉන්දීය පිල ඕවර 24.1 කදී කඩුලු 2 ට 147 (රෝහිත් ශර්මා 56, සුබ්මන් ගිල් 58, විරාට් කෝලි නොදැවී 08, කේ. එල්. රාහුල් නොදැවී 17)