ඉදිරි දින තුනේ තැපැල් ඡන්ද අයැදුම්පත් අද ලැබුණා යැයි සළකයි


(මහින්ද නිශ්ශංක)

පාර්ලිමේන්තු  මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීමේ දිනය අද (17) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් බවට ප්‍රකාශයට පත්කර තිබුණ ද ඉදිරි දින තුන ඇතුළත ලැබීමට තිබූ අයැදුම්පත් අද දිනයේ ලැබෙන අයැදුම්පත් ලෙස සළකා කටයුතු කරන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

අද (17) හෙට (18) සහ අනිද්දා (19) රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් ඉදිරි දිනවලද ලැබෙන තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීමට තීරණය කර තිබේ.

කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග අනුව තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීමේ දිනය පසුව නිවේදනය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.